දුරස්ථ පාලක ගුවන් යානාවක් හදමු..

ඉස්සර වගේ නෙවෙයි දැන් දැන් බ්ලොග් එකට ලිපියක් ලියන්න කාලයක් හොයා ගන්න එක ලේසි නැහැ. ඒ කොහොම වුනත් කාලෙකට පස්සේ ලැබුන ඉඩෙන් කියවන අය වෙනුවෙන් වැදගත් දෙයක් දෙන්න ලැබෙයි කියල හිතෙනවා. 

කාලෙකට කලින් වගේම දැනුත් මගේ ආසම විෂයක් වෙන්නේ භෞතික විද්‍යාව. හැබැයි ඒක මහා අණ්ඩරදෙමළයක් වගේ අන්තවාදීව හිතන්න නම් මගේ ආසාවක් නැහැ. තවම. අපි ඉගෙන ගන්න සරල භෞතික විද්‍යාව ප්‍රායෝගිකව යොදා ගන්න පුලුවන් විධි ගැන මගේ කවදත් ආසාවක් තිබුනා. මේ එයින් එක් අවස්ථාවක් භාවිතා කරල පොඩි සෙල්ලමක් කරන හැටි ගැන. 

බර්නූලී.. තරල ගති විද්‍යාව ඉගෙන ගද්දී අපි හැමදාම හිතුවේ මොන මගුලකට මේක ඉගෙන ගන්නවද කියලයි. හැබැයි ඒ ප්‍රායෝගික භාවිතයන් ගැන කියාදෙන තරම් පාඩම අගට එද්දී නම් හිගෙනවා මේක වැදගත් කියල. හැබයි ඉතින් ප්‍රායෝගිකව තමන්ම අත් විදින්නේ නැතිව ඒක කොයා තරම්ද කියන එක තේරෙන්නේ නැහැ කියන එකයි මගේ නම් අදහස.

කොහොම වුනත් පින්තූර ගන්න විනෝදාංශය අස්සේ මේ අලුත් විනෝදාංශයක් අත්හදා බලන්න අවස්තාව ලැබුනේ RC Arena කියන දුරස්ථ පාලක ගුවන් යානා සම්බන්ධ සංගමයක මගේ මිත්‍රයෙක් වුන චාමර අයිය. ඒ කුඩා ගුවන් යානයක් හදන්න ඕන කරන සියලු උපකරණ ටික තෑග්ගක් විදිහට ගෙදරටම ලැබෙන්න සලසවලා. මම මේ ගුවන් යානය හැදුවේ කොහොමද කියන එක නම් මම සම්පූර්ණ වීඩියෝ එකක් විදිහට මගේ youtube channel එකේ දැම්මා. මම හිතනවා ඔයාල ඒකට කැමති වෙයි කියල. ඒ නිසා ඒක බලලම ඉන්න. ඒක ඇතුලේ මම පැහැදිලි කරනවා මේක හදන්නේ කොහොමද කියල.

මේ තියෙන්නේ දුරස්ථ පාලක ගුවන් යානාවක් හදල උඩ යවන්න කැමති කෙනෙක්ට පටන් ගන්න තියෙන හොදම තැන කියලයි ලංකාවේ ඉන්න දුරස්ථ පාලන ගුවන් යානා එක්ක සෙල්ලම් කරන අය නම් කියන්නේ..

Blue Baby ගුවන් යානාවේ මුලික දේවල් ගොඩක් ගැන ඉගෙන ගන්න තියෙනවා. බර්නූලි වල මූලික කරුණු ටික. බලය හැසිරෙන හැටි. ඒ වගෙමයි throttle එක elevator එක සහ Rodder එක කියන මූලික දේවල් විතරක් තියාගෙන ප්ලෙන් එක ඉහල පහල යවන්න සහ හරවන්න ඉගෙන ගන්න හොදම ගුවන් යානාව Blue Baby එක. 

ලංකාව ඇතුලේ මිග් එකක ආකෘතියක් පවා ගුවන් ගත කරන්න පුලුවන් පොඩි පොඩි කොලු ගැටව් ඉන්නවා. තින් ගුවන් යානාවක් උඩ යන හැටි හැරවෙන හැටි විතරක් නෙවෙයි ගුවන් සංදර්ශන වලදී කැරකෙන එක පවා සිදු කරන්න පුලුවන් තරම් මේ ගුවන් යානා ආකෘති සාර්ථකයි කියන්න පුලුවන්. 

හැබැයි ඉතින් ලංකාවේ තියෙන නීති එක්ක සැහැල්ලු ගුවන් යානාවක් හරි ඩ්‍රෝන එකක් හරි ගුවන් ගත කරනවා නම් හිතන් ඕන කාරුණු ගණනාවක් තියෙනවා. ඉතින් කවුරු හරි ඒ ගැන ඉගෙන ගන්න කැමති නම් මම කලින් ලියපු ලිපියක් පහල ලින්ක් එකේ තියෙනවා ඒක කියනවල බලන්න. ඒ ලිපිය ලියන කාලය වෙනකොට අවසර ගන්න ඕන වුනේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් විතරක් වුනාට දැන් නම් ආරක්‍ෂක අමාත්‍යාංශයේ අවසරයත් ඕන වෙනවා. ඒ රටේ පවතින තත්ත්වය නිසා. 


ඉතින් කවුරු හරි කැමති නම් මේ විනෝදාංහයට එන්න පුලුවන් හැබැයි නීති රීති  ආදිය ගැන හොද අවබෝධයකින් එන්න කියන ආයාචනය කරන්න ඕනි.මොකද එක්කෙනෙක් කරන වැඩක් නිසා මේ විනෝදාංශය සදාකාලිකව අපේ රටේ තහනම් වෙන්න පුලුවන්. ඒ නිසා තමන් කරන දේ ගැන හොද අවබෝධයකින් පටන් ගන්න වගේම ඒ තුල ඇති ආචාරධර්ම වලට අවනත වෙන්න කියන ඉල්ලීම කරනවා. 

එහෙනම් හැමෝටම ආයුබෝවන්.. 

3 comments:

  1. මාගේ ත්‍රීශූලය බ්ලොගය පිලිබඳ විස්තර ඔබගේ බ්ලොග් අඩවියට එක් කරන ලෙස කරුනාවෙන් ඉල්ලමි. රෝහිත https://thrishuulaya.blogspot.com/2020/07/blog-post_20.html

    ReplyDelete
    Replies
    1. that dosen't match with my content. so why do I need to do that

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!