මගේ ගමන් බිමන් තිස් දෙවන කොටස - කිරිඳි ඇල්ල

රත්නපුර පැල්මඬුල්ල පරේ යද්දී දකින්න පුළුවන් ලස්සන දිය ඇල්ලක් තමා මේ කියන කිරිඳි ඇල්ල. ලංකාවේ උසින් සත්වන තැන හිමි මෙම දිය ඇල්ල මීටර 116 ක් උසයි. මීටර 940ක් උස කුට්ටාපිටිය කන්දෙන් ආරම්භ වූ මෙම දිය ඇල්ල බොහෝම ලස්සන තැනක්. රත්නපුර පැල්මඬුල්ලෙන් කුට්ටපිටිය පාරේ කිලෝමීටර 5ක් විතර යද්දී මේ කියන ඇල්ල අපිට දකින්න පුළුවන්. එතැන සඳහන් නාමපුවරුව ලඟින් හැරිල පඩිපෙලක් දිගේ පහලට බැහැලා දිය ඇල්ල පාමුලටම යන්න පුළුවන්.

 
පඩි පෙල පටන් ගන්නේ දිය ඇල්ලේ මුදුන මට්ටමින්. පඩිපෙළ බහිද්දී නම් ටිකක් විතර පරෙස්සම් වෙන්න ඕන. මොකද පඩිපෙල් ගමන් මාර්ගයේ සෑහෙන දුරට කැලේ වැවිලා විතරක් නොවෙයි ඒක වැසි කාලේ එද්දී දිය පාරවල් ඇතිවෙනවා. අනික බොහෝම ලිස්සන සුළු ගල් අඩිනුත් යන්න වෙනවා. පඩි 450ක් විර බැහැල ගියාම අපිට දිය ඇල්ල පාමුලට යන්න පුළුවන්. ආමාරුවෙන් පහලට බැස්සාට පාඩුවක් නෑ කියල තේරුණේ දිය ඇල්ල පාමුලට ආවාමයි. වැසි කාලය නිසාවෙන් දියඇල්ල වතුරෙන් පිරිලා. ඇල්ල පාමුලටම වගේ යන්න අවස්ථාව හම්බුනා. මේ ප්‍රදේශයේ විෂකුරු සර්පයන් විතරක් නෙවෙයි ඒක දේශික මත්‍ස්‍ය වර්ග පවා ජීවත් වෙන තැනක්.
 





 




පින්තූරයක් ගන්න අමතක වෙච්චි දේකුත් ලැබුණා. ඒ තමා දියඇල්ල මුදුණේදී වතුරට වැටිලා මැරිච්චි බල්ලෙක්. උඩින් පහලට වැටිලා. කොහොම උනත් ඒ සියල්ල බලාගෙන අපි දිය ඇල්ලේ සිරි නරඹලා එන්න පිටත් වුනා. ලස්සන දිය ඇල්ලක් බලල එන හිතේ සතුට එක්කම ආපහු එන්න තියෙන මාර්ගය දැක්කාම නම් ටිකක් විතර එපා වීමක් ඇතිවුණා. හැබැයි මහන්සි විඳගෙන ආපහු පාරට ආවාම නම් හිතට මහා නිදහසක් එක්ක සංතෝසයක් දැනුනා.
 යන්න ගිහින් බලන්න අපේ දේවල්. මේ පුංචි ලංකාව ලෝකයේ තියෙන විශිෂ්ඨ රටක් කරන්න තරම් දේවල් මේ ලංකාවේ තියෙනවා කියන එක  තේරෙන්නේ මේ වගේ තැන් වලට ගිහින් ඒ අසිරිය විඳිද්දියි. හැබැයි ඉතින් කාරුණික ඉල්ලීමක් තියෙනවා. පොලිතින් වගේ අපඳ්‍රව්‍ය විතරක් නෙවෙයි මත්ද්‍රව්‍ය පවා නැතිව මේ වගේ තැන් වලට යන්න. විනාශ නොකර පරිසරයත් ආරක්‍ෂාවෙන විදිහට මේවා බලන්න.

ඉතිරි පින්තූර වලට.....

ගමන් බිමන් වල තිස් එක්වන කොටසට...

3 comments:

  1. හොඳ ම හොඳායි... තව ඩිංගක් ගමේ කට්ටිය එක්ක කතා කරන්නත් උඹට හම්බ උණානං පංකාදුයි කියල හිතෙනවා... අපි ආයෙ එමුකො... ආවම කට්ටිය සෙට් කරලා දෙන්නං... ඇල්ල උඩහ මණ්ඩියෙන් හොඳ කිතුල් රා කට්ටකුත් ගහල කට්ට සම්බෝලෙකුත් එක්ක මඤ්ඤොක්ක කෑල්ලක් කාලා එහෙම ඌර කැපුවා වගේ බුලත් කෙළපාරකුත් ගහන ගමං ගමේ කට්ටිය දත කට මැදල කියන කතා අහන්න වටිනව සුලෝ...

    ඒවත් මේවයෙ අලවපං.. අගේ කියන්න බැරි වෙයි...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත විකියෝ... අලෝමු අලෝමු කොමෙන්ටු හැටියෙන්වත් දන්න දේවල්... හැක් හැක්.. :)

      Delete
  2. ආසයි මලේ මෙහෙම ගමන් යන්න... උඹ වාසනාවන්තයි. කලින් කෙටුව එක නැතුව ගියානේ

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!