මගේ ගමන් බිමන් පනස් අටවන කොටස - ගලපාත පුරාණ රජමහා විහාරය

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට ප්‍රදේශයේ තියෙන ඉතා වටිනා පුරා විද්‍යාත්මක ස්ථානයක් තමයි මේ කියන්න හදන ගලපාත පුරාණ රජමහා විහාරය කියන්නේ. එහි තියෙන මූලිකවම වටිනා පූජනීය දේ තමයි බුදුන් වහන්සේගේ තෘතීක මහා ශ්‍රාවකයිණන් වහන්සේ වුන කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදාවක් එහි තැන්පත් කර තිබීමයි. මෙම කාශ්‍යප මහරහතන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ උන් වහන්සේගේ ලොව ඇති එකම දන්ත ධාතූන් වහන්සේ යැයි සැලකේ. බෙන්තොටින් ඇල්පිටිය පාරේ ටික දුරක් යද්දී අතුරුපාරක් හමුවෙනවා. එතැනින් ගියාම මේ කියන්නා වූ විහාරස්ථානයට යන්න පුළුවන්.


ශ්‍රී ලංකාද්වීපය එක්සේසත් කල දුටුගැමුණු රජතුමාගේ සහෝදරයා වූ සද්ධාතිස්ස රජු විසින් කරවන ලද්දේ යැයි විශ්වාසයක් පවතී. ආරම්භක කාලයේදී මහරහතන් වහන්සේලා පවා වැඩසිටියා යැයි සලකනු ලබන අතර දෙවනපෑතිස්, නිශ්ශංකමල්ල, මහා පරාක්‍රමබාහු, දෙවන පරාක්‍රමබාහු. වීර වික්‍රම, හයවන පරාක්‍රමබාහු හා කීර්ති ශ්‍රී රාජසිංහ නම් රජවරුන් විසින්ද ප්‍රතිසංස්කරණය කර ඇතැයි පැවසේ.

ශිලාලිපි හා මහාවංශයේ සඳහන් පරිදි එකල සෙලාන්තරායතන්, සේලාන්තර මූලය, ගලතුරු මූලය යන නම් වලින්ද චූලවංශයේ භීමතිත්ථ යන නමින්ද හඳුන්වා ඇත්තේද මෙම විහාරයම යැයි සිතිය හැක.



විහාරස්ථානයට ඇතුළුවෙද්දීම අපේ ඇස ගැටෙන දෙයක් තමයි ගලින් කල උළුවස්ස. මෙය ඉතාම විශිෂ්ඨ නිර්මාණයක්. එය වඩාත් විශේෂ වන්නේ පූර්ණ උන්නති කැටයමකින් සමන්විත හෙයිනි. තවද මෙහි ඇති ශෛලමය ජල පෙරහනද විශේෂ තැනක් ගනී. සියුම් රැලි සහිතව කල බුද්ධ ප්‍රතිමා වහන්සේත්, විහාරගෙය තුල ඇති විවිධාකාර පිළිම වහන්සේලාත් ඉතා පැරණි වටිනාකමින් යුත් විශිෂ්ඨ කලාකෘතීන්ය.


බුදුන්ගේ දන්තධාතූන්ට පමණක් වෙැනි මෙම පූජනීය ස්ථානය වන්දනාමාන කරන්නත් අමතක කරන්න එපා.

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!