Photoshop භාවිතා කරමින් කෙටි කාලයකදී පින්තූරයක තොරතුරු මතු කරගන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් අපි පින්තූරයක් ගත්තාම තොරතුරු මතුවෙන ප්‍රමාණය මදි වෙන්න පුළුවන්. නමුත් අපි අන්තර් ජාලයේදී හෝ වෙනයම් තැනකදී දකින එවැනිම ඡායාරූපයක හොඳින් මතු කෙරුණු තොරතුරු තිබෙනවා. කොහොමද මේක කරගන්නේ?
Photoshop CC භාවිතා කරල අපි මේක පහසු විදිහකින් කරගන්න හැටි බලමු. මුලින්ම අපි ලඟ තියෙන පින්තූරය අරගෙන අපිට අවශ්‍ය මූලික වෙනස්කම් ටික කරගන ඉන්න ඕන.
 
ඊට පස්සේ අපේ Background Layer එකේ Duplicate එකක් අරගෙන ඒකේ තියෙන Noise එක ඉවත් කරගන්න ඕන. මොකද එහෙම නැති වුනොත් Noise එකේ තියෙන තොරතුරු පවා මතු වෙලා එන්න පුළුවන්. මම ඒ සඳහා Imagenomic Noiseware Professional Plugin එක භාවිතා කරනවා. එහි පහත පරිදි වෙනස් කරගෙන ‍Noise එක ඉවත් කරගන්න පුළුවන්.


ඊට පස්සේ අපි සකස් කල අවසන් Layer එකේ Duplicate එකක් අරගන්න ඕන. ඒ Layer එක Select කරලා Filter Menu එකෙහි Other යටතේ ඇති High Pass කියන Filter එක තෝරාගන්න.
 එහි අවශ්‍ය පරිදි තොරතුරු මතුවෙන ආකාරයට Radius අගය ලබා දිය හැක. එහිදී යන්තම් පින්තූරයේ edges මතුවෙන ආකාරයෙන් ලබා දීමෙන් සාර්ථක ප්‍රථිඵල ලබා ගන හැකිය. වැඩි අගයන් වලට යාමේදී ඡායාරූපයේ Contrast වැඩිවී ඡායාරූපය හානි විය හැකිය.
ඉන්පසු Layer Blending Mode එක Linear Light ආකාරයට හෝ Overlay ආකාරයට දමා අවශ්‍ය පරිදි Opacity අඩු වැඩි කරමින් තමන් බලාපොරොත්තු වෙන තොරතුරු ප්‍රමාණය ඡායාරූපයට ලැබෙන පරිදි සකස් කරගන්න.
අවශ්‍ය නම් layer mask එකක් භාවිතා කරමින් අනවශ්‍ය ලෙස මතුවූ තොරතුරු බවත් කරගැනීමද වෙනත් පසු සැකසුම් මගින් වර්ණ සකස් කරගැනීමද සිදු කල හැක. මෙහිදී ඡායාරූපයේ Contrast වෙනස් වෙන නිසා එය පසු සැකසුමක් මගින් අවශ්‍ය පරිදි සකසා ගත යුතුය. අවසානයේ layers සියල්ල Select කරගෙන Merge කරගන්න. 
අවසාන ඡායාරූපය ලෙස මෙවැනි ඡායාරූපයක් ලැබෙනු ඇත.
 ඡායාරූප වල වෙනස වටහා ගැනීම සඳහා පහත ඡායාරූපය බලන්න.

මෙය ඉක්මනින් තොරතුරු මතුකිරීමක් පමණක් වන අතර වැඩි කාලයක් ගත කරමින් වෙනත් Plugin භාවිතා කිරීම මගිනුත් වඩා සාර්ථක ප්‍රථිඵල ලබා ගත හැකිය. 

ලිපියේ ගුණදොස් කොමෙන්ටුවක ලියලම යන්න.....
සුභ දවසක්.....
ස්තූතියි.....!



17 comments:

  1. ස්තුතියි අපිටත් ෆොටෝෂොප් උගන්වනවාට..

    ReplyDelete
  2. Thanks...good work

    ReplyDelete
  3. ස්තුතියි සුලා ප්ලගින් එක ගැන ඉගැන්නුවාට. මම බොහෝවිට බලර් ෆිල්ටර් එක තමා පාවිච්චිකරන්නේ නොයිස් අඩුකරන්න. නමුත් මේ ක්‍රමය වඩා සාර්ථකයි වගේ

    ReplyDelete
  4. වටිනා ලිපියක්..
    ඇත්තටම සිංහලෙන් මේ වගේ විස්තරාත්මකව මෘදුකාන්ග භාවිතය ඉගැන්වෙන තැන් නැති තරම්. දිගටම මේ වැඩේ කරගන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  5. හරබර ලිපියක්.ස්තුතියි සුලා...

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!