වර්ණ - පළමුවන කොටස - වර්ණ හා දුෂ්ඨිකෝණය

ඡායාරූපකරණය සඳහා ඉතා වැදගත් වන්නා වූ කොටසක් මෙලෙස වර්ණ ලෙස ලියා දක්වන්නට සිතමි. මා ද මෙය තවමත් අධ්‍යයයනය කරමින් සිටින්නකු වන නිසාවෙන් ඔබගේ ‍අදහස් කමෙන්ටුවක් වශයෙන් පල කරන්නේ නම් එය ස්තුති පර්වකව බලාපොරොත්තු වෙමි. මා මෙතෙක් උගත් පරිද්දෙන් ඡායාරූපකරණය සඳහා වර්ණ වල අතිමහත් වැදගත්කමක් පවතින බැව් දනිමි. එනිසා මෙම කුඩා ලිපි පෙල මෙතැනින් ඉදිරියට  අධ්‍යයනය සඳහා ඔබටත් ඇරයුම් කරමි.

අතීතයේ චිත්‍ර ශිල්පීන් අති මහත් කාලයක් කැපකරමින් වර්ණ හා එහි සංයෝජනයන් හා එහි මුසුවීම් පිළිබඳ උගත්තෝය. ඒ, එයින් හැඩවැඩ වන්නා වූ කැන්වසය ප්‍රේක්‍ෂකයාගේ සිතේ ඇති කරන්නා වූ චින්තනය පිළිබද මනෝ විද්‍යාව ප්‍රගුණ කර අපූර්ව චිත්‍රයක් නිර්මාණය කිරීම සදහාය. චිත්‍රයක ඇති වර්ණ අපව එහි අභ්‍යන්තරයට රැගෙන යන අතර වර්ණයන්ගේ උස්පහත්වීම් මත පින්තූරය ත්‍රිමාණය වෙත ලංකරගත හැකිව තිබේ. 
 
Mona Lisa by Leonardo da Vinci

Squares with Concentric Circles by Wassily Kandinsky


වර්ණ පුමාණය අනුව එය කඳු වලල්ලක් ලෙස හඳුනාගන්නේ කුමක්ද? A or B

නමුදු ඡායාරූප ශිල්පීන් අඩුම කාලයක් වැය කරන්නේ වර්ණ ගැන උගනීමට බැව් මට සිතේ. වර්ණ පිළිබඳ සංකල්පයන් නිවැරදි අයුරින් තේරුම් ගත් ඡායාරූප ශිල්පීන් නැතිවාම නොවේ. නමුත් නවකයන් අතර ප්‍රමුඛයන් සෙවීම පහසු වන්නේත් මෙය තෝරා බේරාගත් අය ඉන්නා නිසාවෙන් යැයි මට සිතේ.

ඡායාරූපයක් නැරඹීමෙන් ඔබට එය හොඳයි නරකයි යැයි කිව හැකිය. එයට හේතුව වන්නේ එය අපේ ඇස ඇද බැඳ ගන්නේ නැති හෝ ඇති නිසාවෙනි. අකමැති හෝ කැමති වන්නේ ඇයිදැයි ඇසුවොත් එය පැහැදිලි කිරීම වඩාත් අසීරු වනු ඇත. නමුත් ඡායාරූප ශිල්පීන් වශයෙන් ප්‍රෙක්‍ෂකයාගේ සිතේ ඒ ඒ ඡායාරූපයට කැමැත්තක් ඇතිවන්නේ ඇයි දැයි සොයා බැලීම කල යුතු වන්නේය.
 
by DeLone
by Steve McCurry
මේ සඳහා අප මිනිසකුගේ ඇස වඩා කැමති වන්නේ කුමක් දැකීමටදැයි උගත යුතු වන්නේය. ඡායාරූපයක් කෙනෙකුගේ සිතක කැමැත්තක් ඇති කිරීමට නම් ඒ තුල යම් මූලිකාංග කීපයක් තිබිය යුතුය. එයින් එකක් නම් වර්ණ කළමණාකරණයයි. බොහෝ ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් ඔවුන්ගේ වර්ණ මගින් ප්‍රෙක්‍ෂකයා පලමුව ඇද බැඳ තබා දෙවැනුව ඡායාරූපයේ අභ්‍යන්තරය වෙත ගෙනයනු දැකිය හැකිය.
by Andy Kämpf
 
from internet

from internet

from internet
වර්ණ දෙවැනි කොටසට...

වර්ණ තෙවැනි කොටසට...

4 comments:

  1. ඉතාමත් වටින ලිපියක් අයියෙ,,,

    ReplyDelete
  2. ගොඩක් වටින ළිපියක් අයියේ....දිගටම ලියන්න.
    අපේ ඇහැ නවතින තැනක් විදියට මං දකිනවා ප්‍රතිවිරුද්ධ වර්ණ..නිල්-කහ,රතු-සුදු.......වගේ...මං දන්නෑ අයියේ මේක හරිද කියල.මාත් මේ ගැන ටිකක් හොයන්ව..

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ඉදිරියේ කතා කරමු..

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!