මගේ ගමන් බිමන් විසිවන කොටස - මහා වාලිඹ කන්ද

මේ කියන්නේ අම්පාර ගෙනොගොල්ලෙන් හැරිල බණ්ඩාරදූව කියන ප්‍රදේශයේ අවසානයේ තියෙන කන්දක් ගැන විස්තරයක්. කිරිනැලිය, මහා වාලිඹ, කුඩා වාලිඹ, පෙට්ටිගොඩ ඇතුළු කඳු රාශියක එකතුවත් තමා මේ  ප්‍රදේශයේ දකින්න ලැබෙන්නේ. කඳුවල එක් පැත්තක් රතුගල වැදි ගම්මාන තෙක් විහිදෙන අතර කඳු පන්තිය බිබිල ප්‍රදේශය දක්වාම පැතිර ඇති බව කියනවා.

මේ කියන්න හදන මහා වාලිඹ කන්ද ගැන පසුගිය දවසක මාධ්‍ය නාලිකාවක් මගින් කතා බහට ලක් කෙරුණා. ඒ නීත්තෑවන් නැමැති වානර මිනිසුන් මෙහි සිටියාය කියන නිසාවෙන්. මුලින්ම කියන්න ඕන මොකුන්ද මේ නීත්තෑවෝ කියන්නේ කියල. ඔවුන් මිනීමස් කන, අඩි තුනක් සතරක් පමණ උසින් යුතු, දිගු ලෝම පිහිටි, පෙනුමින් මිනිසුන්ට සමාන මීට වසර 250කට පමණ පෙර සිටියාය සැලකෙන සත්ත්ව කොට්ඨාශයක්.මොවුන් කැලේ ගල් ගුහාවන ජීවත්ව ඇති අතර දැන් වඳවෙලා කියලයි විස්වාස කරන්නේ. ඒත් මීට වසර 50කට පමණ පෙර මෙම කන්ද ආශ්‍රිතව සිටි බවට සාක්‍ෂ ලැබෙනවා. ඒ මේ කියන බණ්ඩාරදූව ග්‍රාමයෙන්.

එකල සිටි වැදි නායකයකුගේ පුතකු මේ පිළිබඳ ගම් වැසියන් සමඟ පවසා ඇති අතර තවත් වරෙක මොවුන් වැදි ගම්මාන අසල දැක ඇති බවත් වැදි ජනයා විසින් ගම් වැසියන් සමඟ පවසා තියෙනවා. නමුත් මෑත කාලයේදී නම් ඒ පිළිබඳ වාර්ථා වෙන්නේ නැහැ. ගමේ අය නම් කියන්නේ වනාන්තර එළිපෙහෙලි කිරීම් නිසාවෙන් මොවුන් ප්‍රදේශය අවට නම් නැහැ. ගොඩක් වෙලාවට දැන් විනාශ වෙලා ඇති කයලයි කියන්නේ.


මොනා වුනත් මේකේ මොනාද තියෙන්නේ කියල බලන්න හිතාගෙන අපිත් කීප දෙනෙක් කන්ද නගින්න සූදානම් වුනා. කුඩා අඩිපාරවල් වලින් පාර සොයාගත් අපි කන්ද ඉහලට නැංගේ නම් පාරවල් හොයාගෙන. කන්ද මුදුනට එද්දී අපි හොඳටම හෙම්බත් වෙලයි හිටියේ. ඒ අපි අරගෙන ගිය වතුර ඉවර වෙලා නිසාවෙන්. මේ කන්ද නගින්න හිතන කාටත් කියන්න ඕන වතුර නම් වැඩිපුර ගෙනියන්න. මේ කන්දේ වතුර නම් නැහැ. කන්ද උඩට නැංග අපිට අවට ප්‍රදේශය ඉතා ලස්සනට දිස්වුනා. අපි හඳුනන ප්‍‍ෙදේශ දිහා අපි ආ මඟ දිහා අපි බැලුවේ මහත් ආශාවකින්. නවගියාව වැව, තොප්පිගල කන්ද එහෙමත් අපිට දකින්න ලැබුණා. කන්ද මුදුනේ ඇති ගලටත් තව මීටර කීපයක් පමණක් තිබුණත් ඒ සඳහා පාරවල් සොයන්න මානසික ශක්තියක් වත් ශාරීරික ශක්තියක්වත් අපට තිබුනේ නැහැ. ඒ අපේ වතුර හිඟකම නිසා අපි හොඳටම හෙම්බත් වෙලා හිටපු හේතුවෙන්.

කොහොම වුනත් කළුවර වැටෙන්න කලියෙන් කැලෙන් පිටවෙන්න හිතාගෙන අපි ඉක්මන් ගමනින් කන්ද බහින්න පටන් ගත්තා.අපි බැස්සේ ආව පාරෙන්නම් නෙවෙයි. එද්දී ස්වභාවික ගල්ගුහා වාගේම සතුන්ට අටවපු උගුල් එහෙමත් දකින්න ලැබුණා. ඒ වාගේම ඒ අවට තිබුණු සම් කැබලි හා ඇටකටු දකිද්දී නම් අපේ හිත්වලට පුංචි බයක් නොදැනුනාම නෙවෙයි. අපි එද්දී අපේ විඩාව ටිකක් නිවන්න විශාල කෝන් ගහක් දායකත්වය සැපයුවත් ගොනාගොල්ල නගරයෙන් හිත ගත දෙකම පිරෙන්න වතැර බෙනකම් නම් අපේ විඩාව නිවුනේ නැහැ. අපේ ගිය අයගෙන් සමහර අය ගමන් බිමන් වලට කුළුඳුල්. ඒ අය නම් කිව්වේ ආයේ මේ වගේ ගමන් එන්නේ නැහැ කියලයි. ඒත් මම නම් හිතන්නේ ඇඟපත රිදුනත් ඒ දැනුනු ත්‍රාස්‍යජනක විශ්මිත හැඟීම් ලබාගන්න එකත් අපේ ජීවිත සම්පූර්ණ කරගන්න අපිට ඕන වෙනවා. 

මෙන්න වීඩියෝ ටිකකුත් තියෙනවා. එකක් මෙතැන අනිත්වා පහල ලින්කු වලින්.
video

https://docs.google.com/open?id=0B_qy2SC-itpxMU1fdEd1Tzk0ZFU

https://docs.google.com/open?id=0B_qy2SC-itpxQi1aelltRkstYkU
 

https://docs.google.com/open?id=0B_qy2SC-itpxRlZGS2JRYkN6ZUU
 

https://docs.google.com/open?id=0B_qy2SC-itpxVUUweXdjeFNuUE0
 

https://docs.google.com/open?id=0B_qy2SC-itpxamhlUFAzSFNWdmM
 

https://docs.google.com/open?id=0B_qy2SC-itpxb09ZYjg5WlN2LU0
 

https://docs.google.com/open?id=0B_qy2SC-itpxbmN4SnBBV241QVk

ආයෙමත් දවසක ලංකාවේ කොහේහරි තැනකින් හමුවෙනකම් ආයුබොවන් ඔයාල හැමෝටම.....!


ගමන් බිමන් වල දහනමවන කොටසට....

5 comments:

  1. මට මතක හැටියට වන්නකු තිසාහාමි අන්තිමට දකින්න ලැබෙන්නේ ඔය කන්දෙදී.

    ReplyDelete
  2. උගුල් තියෙනවාය කියන එකනම් භයානකයි. බැරිවෙලා අතරමං වෙලා, එන්න රෑ වුණොත් එහෙම උගුලක අහු වෙන්න පුළුවන්නෙ. නිත්තෑවන් අවුරුදු පණහකට පෙරත් හිටියනම් එකෙක් දෙන්නෙක් හරි සමහරවිට ඉන්නවද දන්නෙ නැහැ ඉතිරි වෙලා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද කාලෙකින් වාර්තා වෙලා නෑ නේ

      Delete
  3. ඔය නිට්ටඹුව කියන්නේ නිට්ටෑවෝ හිටි පැත්තක්ද මන්ද?
    දැනුත් එකෙක් දෙන්නෙක් දන්නව ඒ වාගේ ඒ පැත්තේ ;-)

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!